ඇප ලැබුණු අසේල කෙලින් ම විපක්ෂ නායක හමුවට…! බය නැතිව කතා කරන්නැයි සජිත්ගෙන් උපදෙස්….!

June 26, 2021 at 10:19 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් ව අද (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇපමත මුදා හැරුණු අසේල සම්පත් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සජිත් ප්‍රේමදාස හමු විය.

අසේල සම්පත් වෙනුවෙන් සජිත් ප්‍රේමදාසගේ මැදිහත්වීම මත නීතිඥ සහාය ලබා දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඔහු විපක්ෂ නායකයා වෙත ස්තුතිය පළ කළේය.

ජනතාවට ලබා දෙන වැක්සින්වල ගුණාත්මකභාවය පිළිබඳ කතා කිරීමට ජනතාවට අයිතියක් ඇති බව ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස දිගට ම නොබියව ඇත්ත කතා කරන ලෙස ඉල්ලා සිටියේ ය.

අසේල සම්පත්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට ද විපක්ෂ නායකයා එකඟ විය.

ඉදිරියේ දී වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් නොකරන ලෙස දැඩි ලෙස අවවාද කර අසේල සම්පත් අද (23) ඇප මත මුදා හැරියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *