පාතාළ නායක ජනිත් මධුශංක සිල්වා හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.
බන්ධනාගාරගත කොට සිටි පොඩි ලැසිට පසුගිය දෙසැම්බර් 09 වෙනිදා බලපිටිය මහ අධිකරණයෙන් ඇප ලැබිණි.
ඊළඟ නඩු දිනය දක්වා අධිකරණය මගින් පොඩි ලැසීට පැනවූ විදේශ ගමන් තහනම ද නොතකමින් ඔහු රටින් පළා ගොස් තිබේ.
පොඩි ලැසී අත්අඩංගුවට ගත් බව ඉන්දියානු පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇති අතර ඔහු මෙරටට රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.