ඇඳිරි නීති ලිහිල් කිරීම සංශෝධනය වෙයි! 27 දක්වා දිගටම ඇඳිරි නීතිය!

April 20, 2020 at 3:46 pm | by emanisa.lk

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ලිහිල් කිරීම එළැඹෙන 27 වන දින පෙරවරු 05.00 දක්වා දක්වා කල්දමා තිබේ.

සෙසු දිස්ත‍්‍රික්ක සඳහා දැනට ක‍්‍රියාත්මක දිවා කාලයේ ඉවත් කරන අකාරයෙන්ම ඇඳිරි නීතිය අප්‍රේල් මස 24 වන දින පස්වරු 08.00 දක්වා ක්‍රියාත්මක කරයි. එතැන් සිට අපේ‍්‍රල් 27 වන දින පෙරවරු 05.00 දක්වා අඛණ්ඩව ක‍්‍රියාත්මකය.

ඒ අනුව සති අන්තයේ සියලු දිස්ත‍්‍රික්ක සදහා ඇඳිරි නීතිය ක‍්‍රියාත්මකය.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස