ඇඳිරි නීතිය සහ LockDown තීන්දු කරන්න මධ්‍යම ආණ්ඩුවයි! ප්‍රාදේශීය මට්ටමින් එවැනි තීන්දු ගන්න කිසිවකුට බෑ! – ජනපති ඒකීය තහවුරු කරයි….

March 30, 2020 at 2:45 pm | by emanisa.lk

ඇඳිරි නීතිය සහ ප්‍රදේශ හුදෙකලා කිරීම (LockDown) පිළිබඳ සියලු තීන්දු ගනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුව බවත් ඒ පිළිබඳ කිසිදු තීන්දුවක් ගැනීමට ප්‍රාදේශීය මට්ටමින් තීන්දු නොගත යුතු බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් කරයි.

යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කළ යුතුය.

ජන ජීවිතය අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බව දැනුම් දෙනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස