ඇඳිරි නීතිය මැද මැර කල්ලි පල්ලි තුනකට පහර දෙයි! ආරක්ෂක අංශ නිහඬව සිටි බවට චෝදනා!

May 13, 2019 at 1:28 pm | by admin

අද උදෑසන කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය සහ කිනියම ප්‍රදේශවල පිහිටි එක් ජුම්මා පල්ලියකට සහ කුඩා පල්ලි දෙකකට පහර දී ඇති බව වාර්තා වෙයි.

ඒ වන විටත් පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර මෙම ප්‍රහාර වැළැක්වීමට ආරක්ෂක අංශ කටයුතු නොකළ බවට සහ ඇතැම් අවස්ථාවල විදුලිය ද විසන්ධි කරමින් ප්‍රහාරයට සහාය ලබා දුන් බවට මුස්ලිම් ජනතාව චෝදනා කරති. ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් පරාජය කළ ආරක්ෂක හමුදාව පල්ලිවලට ගල්වලින් ගසන විට පේක්ෂකයන් බවට පත් වූයේ යැයි ඔවුහු කියති.

වාහනයක් නොනවත්වා ධානය කළේ යැයි හදිසි නීතිය යටතේ වෙඩි තැබූ ආරක්ෂ අංශ මේ ආකාරයට හැසිරීම කනගාටුදායක බවත් කිසිම සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නැති බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

රටේ නීතිය අතට ගෙන කටයුතු කරන මෙම පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුනුවා උපරිම දඬුවම් ලබා දී මෙවැනි කටයුතු නැවත නොවන තැනට වලබලා ගැනීම රජයේ වගකීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *