ඇඳිරි නීතිය නිමයි! සේවයට වාර්තා කරන්න!

April 22, 2019 at 6:35 am | by admin

රට පුරා ඊයේ (21) සවස් වරුවේ සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (22) අලුයම 6.00 සිට ඉවත් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මේ බව සඳහන් කළේය.

මේ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට රාජකාරී සඳහා වාර්තා කළ හැකිය. කෙසේ වුවද පොදු ප්‍රවාහන සේවයේ යම් ප්‍රමාදයක් විය හැකි බව වාර්තා වෙයි. එහෙයින් අද දින කාර්යාලවලට පැමිණීමේ වේලාව පිළිබඳ එතරම් සැලකිලිමත් නොවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස