ඇඳිරි නීතිය දිගටම! කාල සටහන මෙන්න! දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම්!

March 23, 2020 at 12:50 pm | by emanisa.lk

කොළඹ ගම්පහ හලාවත දිස්ත්‍රික්කවල සහ උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය හෙට (24) උදෑසන 6ට ඉවත් කර නැවත දහවල් 12 ක්‍රියාත්මක කරන අතර එය 27 වෙනි සිකුරාදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 2ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර එය 26 වෙනි බ්‍රහස්පතින්ද උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වන අතර නැවත දහවල් 12ට ක්‍රියාත්මක වනු ඇත.

මෙම කාලය තුළ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් අතර සහල් එළවළු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ඉඩ තිබේ. එසේම ගොවිතැන් සහ වගා කටයුතු සඳහා අවසර ඇති අතර සංචාරකයන් එක් තැනක සිට තවත් තැනකට ගෙන යාම සපුරා තහනම්ය.

ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස