ඇඳිරි නීතිය එක්ක අලුත් ප්‍රශ්නයක්! ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!

March 23, 2020 at 7:08 am | by emanisa.lk

ඇඳිරි නීතිය පැනවීමත් සමග හදිසි අනතුරු අඩු වී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පවසයි.

ඈ සිය සමාජමාධ්‍ය ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

“වෙනදාට අපේ අංශයට රෝගීන් 250 ක් ආවත් ඊයේ දවස පුරා අනතුරුවලට ලක්වූවන් 66 යි පැමිණියේ. නේවාසිකව ප්‍රතිකාර ලැබුවෙත් 20 යි. ඒ ඔක්කොටම වඩා ප්‍රශ්නෙ ඇදිරි නීතිය අස්සේ ගෙදර ඉන්න බිරිදෑවරුන්ට ස්වාමිවරුන් පහර දීලා එන එකයි . ඒ කියන්නෙ පවුල් ජීවිත ගත කරන්න පුරුද්දක් නැහැ වගේ මේ අයට අනේ මන්දා…. සතුටින් ඉන්න තියෙන කාලය විනාශ කර ගන්න වෙන මහන්සියක්..”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස