ඇන්ටිජන් එකකින් ජෝර්ජ් ස්ටුවට් රු. 2400ක් ලාභ ලබනවා…! ජනතාව ගසා කන්න ඉඩදෙන්න එපා…! – ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි…

August 19, 2021 at 2:09 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට රැපීඩ් ඇන්ටිජන් ආනයන ඒකාධිකාරිය ජෝර්ජ් ස්ටුවට් සමාගමට හිමි බවත් ඇන්ටිජන් එකක් ආනයනයෙන් සමාගම රු. 2400ක් ලාභ ලබන බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

අන්තර්ජාලය ඔස්සේ මෙවලම් 10ක් සහිත ඇන්ටිජන් කට්ටලයක් ඩොලර් 04කට (රු. 800) මිල දී ගත හැකි බවත් එවිට එකක මිල රු. 80ක් බවත් සෝභිත හිමි පෙන්වා දෙයි.

එහෙත් පෞද්ගලික රෝහලක මෙම ඒකකයක් සඳහා ජනතාවගෙන් රු. 2500ක් පමණ අය කරන බවත් ඒ අනුව සමාගම රු. 2400ක ලාභයක් ලබන බවත් එහිමියෝ අනාවරණය කරති.

එක පුද්ගලයෙකුට අධික ලාභ ඉපයීමට ඉඩ නොදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් රැපීඩ් ඇන්ටිජන් කට්ටල ආනයනය කර ජනතාවට සහන මිලට ලබා දෙන ලෙස සෝභිත හිමි ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස