ඇන්ටිජන් එකක් රු. 600ට.. PCR එකක් රු. 2000ට කරන්න පුළුවන්…! SPC සභාපතියි වෙළෙන්දොයි අඩු මිල බඩු ලංකාවට ගේන්න දෙන්නේ නෑ…! – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර…

August 29, 2021 at 10:29 am | by emanisa.lk

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් උගත් අයකු බව වෛද්‍ය පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

එහෙයින් ඔහු සේවය කළ යුත්තේ මේ රටේ වෙළෙඳ ව්‍යාපාරිකයින්ට නොව අහිංසක ජනතාවට බව ද ඔහු අවධාරණය කරයි.

ලෝකයේ ඇති මිළ ගණන් අනුව PCR පරීක්ෂණයක් රු. 2000ට අඩුවෙන් කළ හැකි බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අනාවරණය කරයි.

ඇන්ටිජන් වෙළෙඳපොළ විවෘත කළහොත් සියලු ලාභ ලබාගෙන රු. 600කට ඇන්ටිජන් පරීක්ෂණයක් කළ හැකි බවත් ඔහු කියයි. එම භාණ්ඩවල මිල ගණන් අන්තර්ජාලයෙන් බලාගත හැකි බවත් ඔහු සඳහන් කරයි.

මේ වන විට අඩු මිලට ඇති ගුණාත්මක ඇන්ටිජන් කට්ටල ලංකාවට ගෙන ඒමට වැඩ මිලට ඒවා ගෙන එන ව්‍යාපාරිකයින් ඉඩ ලබා නොදෙන බව ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස