ඉදිරියේ දී ආහාර තොග රැස්කර තබා ගැනීම වැළැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
ණය ලබා දීමේ දි රජයේ මූල්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ණය ලබා දීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බැංකුවලට දැනුම් දුන් අගමැතිවරයා ණය ලබා දීමේ ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ලෙස මහ බැංකුවට සහ භාණ්ඩාගාර නිලධාරීන්ට අගමැතිවරයා උපදෙස් ලබා දුන්නේය.
සහල් මෝල් හිමියන් විසින් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා නොදීම මෙන්ම සහල් තොග සගවා ගැනීම් ද සිදුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මෙහිදී අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළේය.
ඒ, සහල් මෝල් හිමියන් විසින් මුහුණ දෙන මූල්‍ය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (15) පැවැති මේ සාකච්ඡාව දීය.
රාජ්‍ය සහ වාණිජ බැංකු නියෝජිතයින්, මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පිරිසක් ද ඊට සහභාගි විය.