ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අගමැති මහින්ද….!

May 5, 2021 at 9:19 pm | by emanisa.lk

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (05) තේරී පත්විය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම තනතුරට පත්වන විට හෙතෙම ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු (ADB)අධිපති ධූරය හොබවමින් සිටියේය.

ජෝර්ජියාවේ ටිබිලිසිහි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමානයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *