ආසන 90ක් අරන් දෙමළ සන්ධානය එක්ක ආණ්ඩුවක් හදනවා! – අකිල

March 1, 2020 at 8:02 am | by emanisa.lk

මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කළ හැකි බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

මේ වන විටත් එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා විශාල අයැදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති අතර ආසන ගණනාවකට අලුත් සංවිධායකයන් පත්කිරීමට නියමිත බව ද හෙතෙම පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 90ක් ලබාගතහොත් සුළු පක්ෂ සමඟ එකතුව ආණ්ඩුවක් බිහිකිරීමට හැකියාවක් පවතින බවද එජාප මහ ලේකම්වරයා මීට පෙර පවසා තිබුණි.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පී. දිගම්බරන් ආදී සෙසු එජාපයට හිතැති සුළු පක්ෂ එජාපය සමග එක්ව තරඟ වදින නිසා මැතිවරණයට පසු ඔවුන්ට එකතු කරගත හැක්කේ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ පමණි.

පසුගිය යහපාලන ආණ්ඩුව අසීරුතාවනට පත් සෑම අවස්ථාවකම එම ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට දෙමළ සන්ධානය ක්‍රියා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස