ආර්. සම්බන්දන් අභාවප්‍රාප්ත වෙයි…!

July 1, 2024 at 8:29 am | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා ඊයේ (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

රෝගාතුරව සිටි සම්බන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවිය.

සම්බන්දන් මහතා මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ නායක ලෙස ද කටයුතු කළ අතර 2015 වසරේ සිට වසර කීපයක් විපක්‍ෂ නායකයා ලෙස ද කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *