වෛද්‍යවරුන්ගේ අමතර දීමනා කැපුවහොත් එළඹෙන 25 වෙනිදාට පසු පූර්ව දැනුම් දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
පසුගිය 18 වෙනිදා එම සංගමයේ මධ්‍ය කාරක සභා රැස්වීමේ දී මෙම තීන්දුව ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.
වෛද්‍යවරුන්ට ප්‍රවාහන සහ රෝහල අසල පදිංචි වීම සඳහා රු. 75 000ක මාසික දීමනාවක් ලබා දීමට එකඟ වුව ද එය රු. 35 000කට සීමා වී ඇති බවත් රු. 105 000ක් විය යුතු බවත් එම සංගමය අවධාරණය කරයි.
ආණ්ඩුව සිය දීමනා කප්පාදු කරන්නේ නම් එය සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය සඳහා ගන්නා පළමු පියවර බවයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.