ආර්ථිකයට පණ දෙන්න සංවර්ධන කමිටුවක්..! කැබිනට් බලැති සභාපති ධූරයට ධම්මික…!

August 8, 2022 at 11:26 am | by emanisa.lk

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාගේ සභාපතිත්වයෙන් බලවත් ආර්ථික සංවර්ධන කමිටුවක් පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්‍ෂණය කිරීමේ කාර්යය මේ යාන්ත්‍රණයට පැවරෙනු ඇත. මෙහි ප්‍රමුඛතම කාර්ය කඩිනමින් රටට ඩොලර් ආදායම් උපයා ගැනීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමය.

මෙම වගකීම භාර ගැනීමට ධම්මික පෙරේරා දැනටමත් කැමැත්ත පළකර ඇති අතර එම සභාපති තනතුර සඳහා කැබිනට් බලතල හිමිවනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *