හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට පිරිසක් සමග කඩා වැදී එහි සිටි පිරිස දණගස්වා එහි වැඩ විසූ 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන්ට පහර දී පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු හොරණ කිරිගල ප්‍රදේශයේදී අද (4) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු එම ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ 12 හැවිරිදි සාමණේර හිමි නමකගේ පියා බව පොලිසිය කියයි.
පුද්ගලයන් 10 දෙනකු පමණ මෙම පැහැරගැනීමට සම්බන්ධ බව අනාවරණය කරගෙන ඇති අතර, ඒ සඳහා යොදාගත් වෑන් රථය ද හඳුනාගෙන තිබේ.
සැකකරුවන් එම මෙම ආරණ්‍ය සේනාසනයට කඩා වැදී ඇත්තේ පොලිස් නිලධාරීන් බවට හඟවමින් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එලෙස පැමිණි පිරිස අතර හොරන මිල්ලනිය පොලිසියේ කාන්තා පොලිස් සැරයන්වරියකගේ සැමියා ද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.