ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න! කොළඹට එන හැමෝම මාක්ස් පළඳින්න!

January 26, 2020 at 12:27 pm | by emanisa.lk

කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි පවසයි.

චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසෙන නිසා තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙයි.

ඒ සමඟ කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් වැඩි දුරටත් දන්වා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස