ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවශ්‍යතාවක් ඇති වුවහොත් වහාම රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇත.
මැතිවරණ කොමසාරිස්වරයා හා ආරක්ෂක ප්‍රධානීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව අවශ්‍යතාව අනුව ඇඳිරි නීතිය පැනවීමට එකඟතාව පළකර තිබේ.
කෙසේ වුව ද පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර ප්රචණ්ඩ ක්‍රියා වාර්තා නොවූ අතර මැතිවරණ පැමිණිලි පවා අවම මට්ටමක පැවැතිණි.