ආරක්ෂක අංශවල වගකීම අපට ආරක්ෂා වන්නැයි උපදෙස් දීම නෙමෙයි…! – සිරිල් ගාමිණී පියනම…

October 5, 2021 at 8:08 am | by emanisa.lk

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දේවස්ථාන කිහිපයකට දැනුම්දීම අභ්‍යාසයක කොටසක් බවටත් ඒ සම්බන්ධයෙන් එතරම් කලබල නොවිය යුතු බවටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය මහා විහිළුවක් බව සිරිල් ගාමිණී පියනම පවසයි.

අද අගරදගුරු මැදුරේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ මහ ජනයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි වැරදි සිදු නොවිය යුතු දේවල් බැවින් එම ප්‍රකශය පිළිගත නොහැකි බව සිරිල් ගාමිණී පියනම සඳහන් කරයි.

ආරක්ෂක අංශවල වගකීම ආරක්ෂා වීමට පැවසීම නොවන බවත් තර්ජනයක් ඇත්නම් ආරක්ෂාව සැපයීම බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස