ආයුර්වේද ප්‍රතිකාර ලද ආසාදිතයින් 8000කට සුවයි..! මරණ කිසිවක් නෑ…! – ආයුර්වේද වෛද්‍ය සංගමය…

October 9, 2021 at 6:26 pm | by emanisa.lk

නාවින්න හා පල්ලෙකැලේ ආයුර්වේද රෝහල්වල ප‍්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් මේ වන විට අටදහසකට (8000) අධික සංඛ්‍යාවක් සුවය ලබා පිටව ගොස් ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවාගමගේ පවසයි.

ආයුර්වේද රෝහල්වල ප‍්‍රතිකාර ලැබූ කිසිදු කොවිඩ් රෝගියකු මරණයට පත් නොවීම විශේෂත්වයක් බව ද හෙතෙම කීය. ඒ අනුව මේ වනවිට ආයුර්වේද රෝහල් තුළ ප‍්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හයසියයක් බවද වෛද්‍යවරයා කියා සිටියේය.

බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන හැත්තෑපන්දහසකට පමණ ආයුර්වේද ප‍්‍රතිකාර කරන බවද හෙතෙම කීවේය.

මෙහි දී තවදුරටත් කතා කළ වෛද්‍ය පී. හේවාගමගේ මෙසේ ද කියා සිටියේය.

“දැන් කොවිඩ් හැදිලා බටහිර හා ආයුර්වේද ප‍්‍රතිකාර කරපු විශාල පිරිසක් නොයෙකුත් සංකූලතාවලට ලක්වෙලා තිබෙනවා. මෙන්න මේ අය සඳහා නාවින්න ඇතුළු ආයුර්වේද රෝහල තුළ සායන ආරම්භ කරලා තියෙනවා. එහෙම සංකූලතාවලට ලක්වුණු අය ඉන්නවා නම් එන්න ආයුර්වේද රෝහල්වලට ඒ සඳහා ප‍්‍රතිකාර කරන්න අපි සූදානම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස