ආයුර්වේද ප්‍රතිකාරයෙන් විස්මිත ප්‍රතිඵල…! සියලු කොවිඩ් රෝගීන්ට සුවයි…! මරණ කිසිවක් නෑ…!

July 16, 2021 at 10:29 pm | by emanisa.lk

ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කරයි.

ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නොමැති අතර, ඉක්මණින් සුවය ලැබීම පිළිබඳව විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාව අමාත්‍ය රමේෂ් පතිරණ පෙන්වා දෙනු ලැබීය.

පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තීකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ මෙම සාකච්ඡාව සිදුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස