ආයුර්වේද ඔසුවෙන් කොවිඩ් ආසාදිතයින් 100% සුවයි…! රෝගය උත්සන්න වීම සහ මරණ කිසිවක් නෑ…! වහාම ආයුර්වේද රෝහල් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොමු කරන්න….! – වෛද්‍ය සේනක ගමගේ

August 10, 2021 at 11:35 am | by emanisa.lk

මේ වන විට ආයුර්වේද රෝහල් 10කට ආසන්න ප්‍රමාණයක ඉතා ම සාර්ථක ලෙස කොවිඩ් ප්‍රතිකාර කටයුතු සිදුකරන බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම්, වෛද්‍ය සේනක ගමගේ පවසයි.

එම ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලබන කිසිදු රෝගියෙකු මෙතෙක් මිය ගොස් නොමැති බවත් කිසිදු රෝගියෙකු රෝග තත්ත්වය උස්සන්න වී ICU වෙත යැවීමට සිදු නොවූ බවත් ඔහු අනාවරණය කරයි.

ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලැබූ රෝගීන් 100%ක් සුවය ලබා නැවත නිවෙස්වලට යන බව ද හෙතෙම සඳහන් කරයි.

එහෙයින් දැනට කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කිරීමට යෝජනා කර ඇති ආයුර්වේද රෝහල් 93 ද ඉක්මනින් එම කටයුතු සඳහා යොදා ගන්නා ලෙස වෛද්‍ය සේනක ගමගේ දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස