ආනයන තීන්දුවත් එක්ක මෝල්ලුන්ගේ හාල් කෙඳිරි ගගා එළියට….!

November 24, 2024 at 12:55 pm | by emanisa.lk

නාඩු හාල් ආනයනය කිරීමට ගත් තීන්දුවත් සමග ඇතැම් සහල් මෝල් හිමියන් සැඟවූ හාල් තොග වෙළෙඳපොළට නිකුත් කරමින් පවතින බව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

සැඟවූ සහල් තොග සොයා ගැනීම සඳහා පසුගිය අවදියේ දී පෙට්ටිකඩ, කුඩා වෙළෙඳසල් එවකට පාරිභෝගික නිලධාරීන් විසින් වැටලීම් සිදු කළ ද හාල් මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය නව වැටලීම් ක්‍රියාත්මක කළ බව ද හෙතෙම සඳහන් කරයි.

ඉදිරි නත්තල සහ නව වසර ඉලක්ක කරගෙන වැඩි මිලට විකිණීමේ අරමුණින් මෙම සහල් තොග සැඟවීමේ උපක්‍රමය හාල් මෝල් මෙන්ම තොග වෙළෙඳුන් විසින් සිදුකර ගෙන යන බව පාරිභෝගික අධිකාරියට දිනපතා ලැබෙන මහජන පැමිණිලි මගින් අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *