ආදාහන විරෝධයට බෑ කියූ අයෙකුට මන්ත්‍රීගෙන් යකඩ පොලු පහර!

December 17, 2020 at 4:21 pm | by emanisa.lk

කොච්චිකඩේ ප්‍රදේශයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළ කරන උද්ඝෝෂණයට සහභාගි වීම පුද්ගලයකු ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ පිළිබඳ කෝපයට පත් මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙක් ඔහුට යකඩ පොල්ලකින් පහර දීමක් සිදු කර තිබේ. පහර කෑ පුද්ගලයා රෝහල්ගත කර තිබේ.

සැකකාර මීගමුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස