ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන් බුදි…! වී මෝල්කාරයෝ බුකිකාරයෝ බාර්කාරයෝ බදු ගෙවන්නේ නෑ…! හරියට බදු අය කළා නම් IMF යන්න ඕන නෑ…! – මහින්දානන්ද….

August 31, 2022 at 5:02 pm | by emanisa.lk

කන්න දෙකකට රුපියල් බිලියන 100ක ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අද (31)මේ බව පැවසීය.

එම වී මෝල් හිමියා එක කන්නයකට බිලියන 50ක ශුද්ධ ලාභයක් ලබා තිබෙන බව ද හෙතෙම කීය.

ඔහු කන්නයකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් මිල දී ගෙන තිබෙන අතර රුපියල් 90ට මිල දී ගත් වී රුපියල් 220ට විකුණා තිබෙන බවත් එක කිලෝවකින් රුපියල් 70ක ලාභයක් ලබා තිබෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.

රේස් බුකි තිබෙන අයකුගේ ලිපිගොනුවක් ද තමා ගෙන්වා ගත් බව ද බිලියන 10 ක් ගෙවන්නැයි ඔහුට ආදායම් බදු දෙපාර්තමේන්තුව ලිපියක් යවා තිබෙන අතර ඔහු එය ගෙවන්නට නොහැකි බවට ලිපියක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවා තිබෙන බවත් වසරකට පසු පරීක්ෂණයක් තබා ලක්ෂ 10 ක් අය කරගෙන බදු ෆයිල් එක වසා දමා තිබෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

මත්පැන් බලපත්‍ර ලාභියෙකු මසකට ලක්ෂ පහළොවක විස්සක ශුද්ධ ලාභයක් ලබන නමුත් වසරකට බදු ලෙස ගෙවන්නේ ලක්ෂ දෙකක් හෝ තුනක් පමණක් බවද අලුත්ගමගේ කීය. ඉන්ධන පිරවුම්හල් හිමියෙක් වසරකට බදු ගෙවන්නේ පනස් දහසක් හෝ හැට අටදහසක් පමණක් බව ද මන්ත්‍රීවරයා කීය. මෙවැනි දේ සිදු වෙද්දී ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉන්නේ කොහිදැයි අලුත්ගමගේ ප්‍රශ්න කළේය.

රටේ තිබෙන ආදායම් ටික හරියට කළමනාකරණය කර ගත්තොත් අයි.එම්.එෆ්. යන්න අවශ්‍ය වන්නේ නැතැයි ද අතුරු අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස