ආණ්ඩු විරෝධී සටනට පණ දුන් කිලී මහරාජාගේ වියෝව ප්‍රජාතන්ත්‍රවාදට මරු පහරක්….! – රාජිත…

July 25, 2021 at 2:40 pm | by emanisa.lk

කැපිටල් මහාරාජ ආයතනයේ සභාපති කිලී මහාරාජාගේ වියෝව වෙනුවෙන් රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න නමින් රාජිතගේ ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

ගිනිතැබීම්
බෝම්බ ගැසීම් හමුවේ පවා
තම මාධ්‍ය අයිතිය
පාවා නොදුන්..
රාජ්‍ය ත්‍රස්තවාදය හමුවේ
ප්‍රචණ්ඩත්වයට
දණ නොනැමු..
ආණ්ඩුවේ පාර්ශවය නොගෙන ජනතාවගේ පාර්ශවය වෙනුවෙන්
පෙනීසිටින්නට
තම මාධ්‍යවේදීන්ට ශක්තිය ලබාදුන්,
ආර්. රාජමහෙන්ද්‍රන් මහතාගේ අභාවය
‘මාධ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම,
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරටද සිදුවූ දැරිය නොහැකි පාඩුවකි.
ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජනතාව වෙනුවෙන්,
අපගේ සාතිශය සංවේගය ඔහු වෙනුවෙන්
මෙසේ පුදකර සිටිමු!
– වෛද්‍ය රාජිත සේනාරත්න සහ
චතුර සේනාරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *