ආණ්ඩු විරෝධී සටනට නායකත්වය දෙන්න මම සූදානම්….! ආණ්ඩුවේ ගම්මන්පිළටත් ආරාධනා කරනවා…! – පාඨලී….

July 3, 2021 at 5:25 pm | by emanisa.lk

තමන් නායකත්වය සපයන 43 වන සේනාංකය, ආණ්ඩු විරෝධී දේශපාලන ප්‍රවාහයට නායකත්වය දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

43 වන සේනාංකයේ කාර්යභාරය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මේ වන විටත් දැනුම් දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

තමා තනි පුද්ගල නායකත්වයක් තමා නොපිළිගන්නා බවත් 43 වන සේනාංකය විපක්ෂ බලවේගයට නායකත්වය ලබා දීමට සූදානම් බව බව පවසන්නේ ඒ නිසා බවත් පාඨලී රණවක අවධාරණය කරයි.

වර්තමාන ආණ්ඩුවට එරෙහි විකල්ප නායකත්වයක් ගොඩනැඟීමට 43 වන සේනාංකය කැප වී සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

උදය ගම්මන්පිල නායකත්වය ලබා දෙන පිවිතුරු හෙළ උරුමය ඇතුළු සෙසු දේශපාලන බලවේග වෙත ද ඔහු තම 43 වන සේනාංකය සමඟ එකතු වන ලෙස ආරාධනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස