ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කොළඹින් පිටවෙන්න තහනම්…! – ජනපති අගමැති නියෝග කරයි…

July 19, 2021 at 11:43 am | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද සහ හෙට ආණ්ඩු පක්ෂයේ සියලු ම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී තිබේ.

කොළඹ රැඳී සිටිමින් එම දින දෙකේ විවාදයට සහභාගි වී යෝජනාව පරාජයට පත් කිරීමට උපරිම දායකත්වය ලබා දිය යුතු බවට ද අවධාරණය කර ඇත.

ඇමැති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැනටමත් තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *