ආණ්ඩුව 2/3 ගන්න හීන දකිනවා! අපේක්ෂා රෝහලේ දරුවන්ට බෙහෙත් නෑ! – එරංග වැලිඅංගේ

March 6, 2020 at 6:06 am | by emanisa.lk

රජයේ සියලු දෙනා ඉතිරි මැතිවරණයේදී තුනෙන් දෙකක් ගන්න උත්සාහ කරන අතරේදී අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැතිව මහරගම අපේක්ෂා රෝහලේ කුඩා දරුවන් දුක් විඳින බව හෝමාගම එජාප ප්‍රධාන සංවිධායක එරන්ද වැලිඅංගේ පවසයි.

ඊයේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

“පිළිකා රෝගීන්ට ලබා දෙන ඇරබිඩෙක්ස් කියන ඖෂධය දැන් සති දෙකක ඉඳලා අපේක්ෂා රෝහලේ නැහැ. හැබැයි අද වෙද්දිත් බලධාරීන් මේ ගැන නිහඬයි.මේ සෙල්ලම් කරන්නේ හයක් හතරක් නොතේරෙන දරුවන්ගේ ජීවිත එක්ක. තවත් දවසක් හරි මේ ලෝකේ ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න රෝගීන්ගේ හුස්මත් එක්ක.

අපි රජයෙන් ඉල්ලා සිටිනවා, මේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරන්න.මොකද මේ පෙත්තක් සමහර ෆාමසිවලින් ගන්නවනම් රුපියල් 850 කටත් වඩා වැඩියි. එක පෙත්තක් අනිවාර්‍යෙන්ම එක දවසකට ගන්නම ඕනේ. මාසෙකට එහෙම බැලුවහම රුපියල් 26,000 කට වැඩිය වියදම් වෙනවා.

අපේක්ෂා රෝහලට එන්නේ ගොඩක් වෙලාවට ඈත ගම්වල ඉඳලා එන අම්මලා තාත්තලා.. ඒ අයට මේ වියදම දරාගන්න අමාරුයි..පාලකයින් ඉන්න ඕනෙ ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම් කන්න දෙන්න. ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. ඒ විසඳුම් ක්‍රියාවට නැඟීම වෙනුවෙන් ප්‍රතිපත්ති හදන්න. ඒත් මේ ප්‍රශ්නයේදී අපි එහෙම දෙයක් දකින්නෙ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස