ආණ්ඩුව හැදූ විමල්ලා දැන් කොන්වෙලා…! ඔවුන් දැන් තීන්දුවක් ගතයුතුයි…! – මුරුත්තෙට්ටුවේ හිමි…

September 23, 2021 at 5:14 pm | by emanisa.lk

ඇමැති විමල් වීරවංශ ඇතුළු පිරිස වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කාර්යභාරයක් සිදුකළ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

එහෙත් මේ වන විට එම ආණ්ඩුවේ ඔවුන් තැනක් නොමැති බවත් ඔවුන් කොන් වී ඇති බවත් උන් වහන්සේ සඳහන් කරති.

ආණ්ඩුවේ තමන් කොන් වූ විට ගතයුතු ක්‍රියාමාර්ගය කුමක් දැයි ඔවුන් තීරණය කළ යුතු බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පවසති.

අද ආණ්ඩුව මහා සංඝ රත්නය තබා කිසිවෙකු කියන දෙයක් නාහන හිතුවක්කාරී ගමනකට අවතීර්ණ වී ඇතැයි ද විකිණු දේපළ නැවත පවරා ගැනීමට බලයට පැමිණි ආණ්ඩුව රාජ්‍ය දේපළ විකුණමින් ඇතැයි ද එහිමියෝ චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *