ආණ්ඩුවේ අරමුණ සූර්ය විදුලියට පහර දී අධෛර්යවත් කොට ගල් අඟුරු බලාගාරය ප්‍රවර්ධනය කිරීම බව හිටපු බලශක්ති අමාත්‍ය, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.
ආණ්ඩුව වහාම විදුලි පද්ධතිය බිඳ වැටීමට වගකිව යුතු පිරිස් සොයා දඬුවම් කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.
“සෑම විදුලි පාරිභෝගිකයෙක් ම රු. 30 000කට අධික ධනයක් විදුලි බල මණ්ඩලයට ලබා දී තිබෙනවා. ඒ වගේම ස්ථාර ගාස්තුවක් ගෙවනවා. ඒ තුළ තමයි, ඔබේ විශ්වාසය තියෙන්නේ. එතකොට ස්විච් එක දාන කොට විදුලිය තියෙන්න ඕන.
එහෙම නැත්නම් ලංවිම ඒ මුදල් නැවත ගෙවන්න ඕන. කලින් ඒ සඳහා ආයතනයක් නොතිබුණත් දැන් මහජන උපයෝගීතා කොමිසම තියෙනවා. ගැටලුව බලාගාර අඩු වීම නෙමෙයි. දැන් බලාගාර වැඩි වෙලා. නමුත් මට හිතෙනවා, මෙතන අභ්‍යන්තරයේ සූර්ය විදුලි පැනල අක්‍රීය කිරීමේ සැලසුමක් තියෙනවා කියලා.”