ආණ්ඩුව මෙම වසරේදී අයවැය සීමා ඉක්මවා ණය ලබාගෙන නැතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
මෙම වසරේ අයවැය ඇස්තමේන්තු අනුව ආණ්ඩුව දක්වා ඇති ණය සීමාව රුපියල් බිලියන 3,670කි.
පසුගිය ආණ්ඩුව එනම් ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,903ක් බවත් වෙරිටේ කියයි. ඒ අනුව තවත් රුපියල් බිලියන 1,767ක් ණය ලබාගැනීමට ආණ්ඩුවට හැකි බවත් වෙරිටේ රිසර්ච් පවසයි.
දේශීය ණය රුපියල් බිලියන 1,030ක් සහ විදේශීය ණය රුපියල් බිලියන 415ක් මගින් අයවැය පරතරය පියවා ගැනීමට හැකි බව ඔවුහු පවසති.
මේ අනුව 2024 වසරේදී සීමාව ඉක්මවා ණය ගැනීමට සිදුවීමේ අවදානමක ආණ්ඩුව නොසිටින බව වෙරිටේ රිසර්ච් කියයි.