ආණ්ඩුව සිලෝන් ටී කීර්ති නාමය විනාශ කළා…! – සජිත්..

October 14, 2021 at 7:32 am | by emanisa.lk

රසායනික පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගත් අන්තනෝමතික තීන්දුව නිසා සිලෝන් ටී කීර්ති නාමය රටට අහිමි වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද වන විට තේ අස්වැන්න 50% කින් පහළ බැස ඇති බව සඳහන් කරන විපක්ෂ නායකවරයා තේ කර්මාන්තය බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බවත් පෙන්වා දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ මාබොටුවන ප්‍රදේශයේ තේ ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ විමසන ගොවි හද ගැස්ම වැඩසටහනට ඊයේ (13) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *