ආණ්ඩුව සල්ගාදු පිටිය උදුර ගත්තා.. අපිත් කොහේ හරි රැලිය තියනවා..! – තිස්ස කුට්ටිආරච්චි…

August 13, 2024 at 10:57 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුර සල්ගාදු පිටියේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක් වූ කණ්ඩායම ඇතුළු මෙවර ජනාධිපතිවරයාට සහාය පළකරන පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයින් මෙම රැලිය සඳහා සහභාගී වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්ස කුට්ටිආරච්චි චෝදනා කරන්නේ සිය පක්ෂයේ මංගල රැලිය සඳහා වෙන් කරගත් සල්ගාදු පිටිය කුමන්ත්‍රණකාරී ලෙස සිය පක්ෂයේ රනිල් වික්‍රමසිංහට සහාය ලබා දෙන පාර්ශ්වය විසින් ලබා ගත් බවයි.

එපමණක් නොව එළඹෙන 21 වෙනිදා දක්වා එම පිටිය ඔවුන් ලබා ගෙන ඇති බවත් සිය පක්ෂය ද ඉන් නොසැලී අනුරාධපුරයේ රැලිය පවත්වන බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *