මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස තමන් ඉල්ලා සිටියේ සතියකට විද්‍යානුකූල ලෙස රට වසන ලෙස පමණක් බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රිිය පවසයි.
එහෙත් මාසයකුත් සතියක් ආණ්ඩුව රට වසා දැමූ බවත් එවැනි දීර්ඝ රට වසා දැමීමක් තමන් බලාපොරොත්තු නොවූ බවත් ඔහු පවසයි.
මේ නිසා ආර්ථිකය කඩා වැටෙන බවත් දෛනික ආදායම් උපයන කණ්ඩායම්වල ජීවන මට්ටම බිංදුවට වැටීම බවත් සමන් රත්නප්‍රිය පෙන්වා දෙයි.
මෙම අර්බුදයට ආණ්ඩුවක් ලෙස පිළිතුරු දිය යුතු බව ඔහු අවධාරණය කරයි.