ආණ්ඩුව සංවර්ධන වැඩවලින් හොඳට හොරා කනවා…! කොවිඩ් ආවත් සංවර්ධනේ නතර නොකළේ ඒකයි…!

August 27, 2021 at 11:59 am | by emanisa.lk

මාර්ග ඉදිකිරීම ආදී සංවර්ධන කටයුතු ආණ්ඩුවේ බලවතුන් මුදල් උපයන මාර්ගයක් නිසා යැයි එක්සත් පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

කොවිඩ් අර්බුදය මැද පවා ආණ්ඩුව එම කටයුතු නතර නොකරන්නේ සිය ආදායම් මාර්ග අහිමි වන නිසා යැයි ඔහු චෝදනා කරයි.

ආණ්ඩුවේ ප්‍රබලයින් 2015ට පෙර හොරා කෑ විදෙස් රටවල සඟවා ඇති ධනය නැවත රටට ගෙන ආ යුතු බවත් එසේ නොකර ජනතාවගේ පඩි පතෙන් කොටසක් කොල්ල කෑමට ආණ්ඩුව සැරසෙන බවත් හෙතෙම සඳහන් කරයි.

ඒ සඳහා ඉඩ ලබා නොදෙන ලෙස චමීර පෙරේරා රටේ වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *