ආණ්ඩුව වෙනස් වුණා කියලා සිතුපැතු සම්පත් පහළ වෙන්නේ නෑ…! – ඇමති නලින්ද ජයතිස්ස…

January 30, 2025 at 9:50 am | by emanisa.lk

නව රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ මානව සම්පත ප්‍රවර්ධනය කිරීම සඳහා බවත් අපේ රටට ඉදිරියට යාමට ඇති මාර්ගය එය බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“අපේ රටට ඉදිරියට යන්න තිබෙන මාර්ගය තමයි මේක. ආණ්ඩු වෙනස් වුණායි කියලා අපිට හිතූ පැතූ සම්පත් පහළ වෙන්නෙ නැහැ.

හැබැයි අපට තියෙන වටිනාම සම්පත මේ මානව සම්පත. එහෙම නම් මෙන්න මේ මානව සම්පතේ තියෙන ගුණය, ඒ ගුණාත්මකභාවය වර්ධනය කරගැනීමට තමයි අපි සමස්තයක් හැටියට වැඩිපුරම අවධානය යොමුකරන්න ඕනා.

අපි විශේෂයෙන්ම මේ අලුත් ආණ්ඩුව හැටියට අපේ ප්‍රමුඛතාව ලබාදීලා තිබෙන්නෙ මේ මානව සම්පතේ ප්‍රවර්ධනයට. එනිසා අපි අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු බර තැබීමක් කරනවා.”

ඇමති නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේ ඊයේ (29) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *