පසුගිය එජාප ආණ්ඩු යටතේ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි නායකයින් බටහිර ගැති වෙමින් ඉන්දියාව උපහාසයට අපහාසයට ලක්කරමින් සිදුකළ අමනෝඥ කටයුතු නිසා ලංකාව සහ ඉන්දියාව අතර අනවශ්‍ය රාජතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වූ බව යුතුකම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
එහෙත් ඊට පෙර පැවැති සිරිමා බණ්ඩාරනායක රජය ඉන්දියාව සමග සමීපව කටයුතු කරමින් බොහෝ ගැටළු විසඳාගත් බව ද යුතුකම සභාපතිවරයා අවධාරණය කළේ ය.
විපක්ෂය ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීමේ ප්‍රශ්නයක් නොමැති වුව ද රටට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රකාශ නිකුත් කරන විට ඊට එරෙහිව වන ලෙස ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.
අප ආණ්ඩුවේ සිටිය ද විපක්ෂයේ සිටිය ද රටේ අභ්‍යන්තර දේශපාලන කරුණු සඳහා වෙනත් පාර්ශ්වවලට ඇඟිලි ගැසීමට ඉඩ නොදිය යුතු බවත් ඒවා අනුමත නොකළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
මේ රට පාලනය කළ යුත්තේ ජනතා කැමැත්ත අනුව බවත් ජනතාව අනුමත කළ ව්‍යවස්ථා සංශෝධනවලට පවා මානව හිමිකම් කොමසාරිස්වරිය විවේචන ඉදිරිපත් කරද්දී රටේ විපක්ෂය සිටගත යුත්තේ ජනතාව සමඟ බවත් ගෙවිඳු කුමාරතුංග පෙන්වා දුන්නේ ය.
ඊයේ (18) හිරු බලය වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.