ආණ්ඩුව විමල් පිලේ තටු කපයි…! ආණ්ඩුවේ නි. සංවිධායක ධූරය ආපසු ගනී…!

August 26, 2021 at 4:48 pm | by emanisa.lk

ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධූරය පසු පෙළ තරුණ මන්ත්‍රීවරයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

අද දින එම පත්වීම් ලිපිය අගමැති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත ලබා දී ඇති බව ද වාර්තා වේ.

මීට පෙර එම තනතුරේ කටයුතු කළේ මහජන පක්ෂය නියෝජනය කළ අසංක නවරත්න ය. ඔහු පසුගිය කාලයේ ආණ්ඩුවේ සුළු පක්ෂ සන්ධානය තුළ කටයුතු කරනු දැකගත හැකි විය.

සති තුනක් රට වසා දැමිය යුතු බව අවධාරණය කරමින් ජනාධිපතිවරයාට ආණ්ඩුවේ පක්ෂ 10ක් මගින් යොමු කළ ලිපියට ද අසංක නවරත්න අත්සන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *