ආණ්ඩුව ලක්ෂ 190ට ගෙනා ඇම්බියුලන්ස් පහුගිය ආණ්ඩුව ගෙනාවේ ලක්ෂ 200ට…!

May 17, 2021 at 8:53 am | by emanisa.lk

2019 යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඇම්බියුලන්ස් රථ මිල දී ගෙන ඇත්තේ ලක්ෂ 91ක් සහ රු. ලක්ෂ 200 බැගින් වැය කොට බව අනාවරණය වී තිබේ.

Advanced Life Support Ambulance සඳහා රු. මිලයන 20 බැගින් හෙවත් ලක්ෂ 200 බැගින් ගෙවා තිබේ.

එහෙත් වර්තමාන ආණ්ඩුව මෙම ඇම්බියුලන්ස් රථ ගෙන්වා ඇත්තේ රු. ලක්ෂ 190 බැගින් වන අතර ඒ පසුගිය ආණ්ඩු සමයට වඩා ලක්ෂ 10ක් අඩුවෙනි.

එහෙත් පසුගිය ආණ්ඩුව සමයේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා ලොව පුරා විශාල ඇම්බියුලන්ස් ඉල්ලුමක් හෝ එම අධි ඉල්ලුම නිසා ඇම්බියුලන්ස් මිල ඉහළ යාමේ තත්ත්වයක් නොතිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *