ආණ්ඩුව රෝගීන් පාලනය කළේ කෘත්‍රීමව…! PCR පරීක්ෂණ ප්‍රමාණයෙන් 75%ක් කපලා…!

March 18, 2021 at 5:51 pm | by emanisa.lk

මෙරට තුළ කොරෝනා වසංගතය පාලනය කර ඇතැයි පෙන්වන්නේ කෘත්‍රිමව බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

විද්‍යාත්මක සඳහා බැලීමේදී කොරෝනා රෝගීන් පැතිරීම මේ තරම් ඉක්මනින් පහළ නොයන බව සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙයි.

අද වන විට මෙරට PCR පරීක්ෂණ ප්‍රමාණය 25%ක පමණ ප්‍රමාණයක් දක්වා අඩු කර ඇතැයි තොරතුරු ලැබී තිබෙන බව ද පැවසූ ඔහු නිවැරදි තත්ත්වය සැඟවීමෙන් නිවැරදි තීරණ ගැනීමට නොහැකි බව ද ඉන් රට බරපතළ අවධානයට පත්වන බවද කියා සිටී. මේ වන විට මෙරට කොරෝනා එන්නතක් සැලසුම ද අඩාල වී ඇතැයි ද ඔහු චෝදනා කරයි.

කෙසේ වුව ද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියේ නම් මරණ සංඛ්‍යාව ඉහළ යන බවත් මරණ සැඟවීමේ හැකියාවක් නොමැති බවත් ය. එහෙයින් මෙම චෝදනාවල කිසිදු පදනමක් නොමැති බව ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *