ආණ්ඩුව රු. 25ට තෙල් ගෙනැත් රු. 107ක බද්දක් ගැහුවා…! අපේ මිල සූත්‍රය තිබ්බා නම් එහෙම වෙන්නේ නෑ…! – හර්ෂ..

June 16, 2021 at 7:29 am | by emanisa.lk

පසුගිය වසරේ ජුනි මාසයේ දී වත්මන් ආණ්ඩුව රුපියල් 25.03කට මෙරටට පෙට්‍රල් ගෙන්වා ඊට රුපියල් 106.80ක බද්දක් ජනතාවගෙන් අය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“2020 ජුනි මාසෙ රුපියල් 25.03ට පෙට්‍රල් ගෙනල්ලා රුපියල් 106.80ක බද්දක් ගැහුවා.

මිල සූත්‍රය තිබ්බා නම් රුපියල් 25ට පෙට්‍රල් ගෙනල්ලා කවදාවත් රුපියල් 107ක බදු ගැහෙන්නෙ නෑ.

දියුණු වෙන්න බලාපොරොත්තු වෙන රටවල් මෙහෙම දේශපාලනඥයින් මැදිහත් වෙන්නෙ නෑ මේවාට”

හර්ෂ ද සිල්වා මේ බව පැවසුවේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *