ආණ්ඩුව රට නැවත 70-77 කාලෙට ඇදගෙන යනවා…! හාල් පොතට බඩු ගන්න වෙන දවස කිට්ටුයි…! – හර්ෂ…

August 30, 2021 at 9:34 am | by emanisa.lk

ආණ්ඩුව 1970 – 77 කාලයේ මෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා කූපන් ක්‍රමයක් හඳුන්වා දීමේ සූදානමක් පවතින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා ඔහුගේ වියත්මග ඇතුළු ඒ උපදේශක මණ්ඩලය කිව්වෙ ලංකාව සීග්‍රයෙන් දියුණු කරනවා, මේ වැටිච්ච තැනින් ගොඩගන්නවා කියලා.

අනේ දෙයියනේ මොකද වෙලා තියෙන්නෙ? වැටිච්ච තැනිනුත් පල්ලෙහාට තමයි දැන් අපි වැටෙමින් පවතින්නේ, අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ කූපන් ක්‍රමයට එහෙම නැත්නම් හාල්පොත් ක්‍රමයට නැවතත් අර 1970 – 77 කාලෙදි වාගේ පුද්ගලයින්ට ලබාදෙන.

සීනි කිලෝ එකක් රුපියල් 250යි, බද්ද ශත 25යි. ඊළඟට පරිප්පු කිලෝ එකක් රුපියල් 240යි. සැමන් ටින් එකක් රුපියල් 350 යි. පාන් ගෙඩිය ගණං ගිහිල්ලා, කේක් ගෙඩිය ගණං ගිහිල්ලා, කිරි තේ එක ගණං ගිහිල්ලා, ගෑස් ටික හොයාගන්න නෑ. ඊළඟට කිරිපිටි කොහෙවත් නෑ ගන්න.

එතකොට මේ රට නැවතත් මේ 1975 වගේ තැනකට තමා තල්ලු වෙමින් පවතින්නේ”

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *