ආණ්ඩුව රටේ තියෙන ආහාර ටිකත් නැති කරගන්න හදනවා…! – වජිර…

July 21, 2021 at 10:31 am | by emanisa.lk

ජනගහනයට සරිලන ලෙස ආහාර නිෂ්පාදනය කරන්නේ කෙසේ දැයි ලෝක ආහාර සංවිධානය සැලසුම් සැලසුම් හදන විට ලංකාවේ ආණ්ඩුව තිබෙන ආහාර ටිකත් නැතිකර ගැනීමට සැලසුම් හදන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

ආණ්ඩුවේ නොහැකියාව හමුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අවශ්‍යතාව අන් කවරදාටත් වඩා ජනතාවට අවබෝධ වී තිබෙන බව කී වජිර අබේවර්ධන වසර දෙකක් ඇතුළත එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව ද සඳහන් කළේය.

වැඩිවෙන ජනගහනයට උවමනා කරන ආහාර හා ආදායම් මාර්ග සොයා ගන්නේ කෙසේ ද කියා සැලසුම් කළ යුතු නමුත් අවාසනාවකට මෙන් ආණ්ඩුවට මේ තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන බව ද අබේවර්ධන ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *