ආණ්ඩුව රටට උත්තුංග සේවයක් කරන සිරස තහනම් කරන්න හදනවා…! – විපක්ෂ නායක…

July 7, 2021 at 3:32 pm | by emanisa.lk

මේ රටේ ජනතාවට ඇත්ත ප්‍රකාශ කරන සිරස නාළිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට කුමන්ත්‍රණයක් දියත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ රටේ ගොවි ජනතාවගේ සහ ධීවර ජනතාවගේ දුක, පරිසර විනාශය, මාර්ගගත අධ්‍යාපනයේ අඩුපාඩු රට කියන්නේ සිරස නාළිකාව බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

සිරස නාළිකාව මේ රටේ ජනතාවට උත්තුංග සේවයක් ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය.

තමා ප්‍රකාශ කරන්නේ ගෙතූ කතාවක් නොවන බවත් නීතීඥයින් කැඳවා සිරස නිහඬ කරන ආකාරය පිළිබඳ රටේ ඉහළ තැනක සාකච්ඡා කර ඇති බවත් හෙතෙම හෙළිදරව් කළේ ය.

අද (07) පාර්ලිමේන්තුවේ දී සජිත් ප්‍රේමදාස මේ බව අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *