ආණ්ඩුව යූරිය තහනම් කළ ගැසට් එක රිවර්ස් නොකර යූරියාවලින් හැදූ නැනෝ නයිට්‍රජන් පොහොර ගෙනවා…! – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී…

October 19, 2021 at 10:35 pm | by emanisa.lk

ආණ්ඩුව ගෙන ඒමට තීන්දු කර ඇති නැනෝ නයිට්‍රජන් පොහොර කාබනික පොහොරක් නොව රසායනික පොහොරක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

රසායනික පොහොර රටට ගෙන ඒම තහනම් කරමින් නිකුත් කළ ගැසට්ටුව තවම ඉවත් කර නොමැති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එසේ නම් මුලින් ම කළ යුත්තේ ඒ ගැසට්ටුවත් අවලංගු කිරීම බව ඔහු ප්‍රකාශ කරයි.

ආණ්ඩුව යූරියා තහනම් කළ ගැසට්ටුව අවලංගු නොකර යූරියාවලින් හැදූ නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන ඒමට තීන්දු කර ඇතැයි චන්දිම වීරක්කොඩි චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *