ආණ්ඩුව යාල මැදින් ආකාශ චෛත්‍යයට පාරක් කපන්න හදනවා….! – සජිත්….

July 14, 2021 at 12:57 pm | by emanisa.lk

ආණ්ඩුව, යාල වනෝද්‍යානය තුළ පිහිටි ආකාශ චෛත්‍යය බෞද්ධ විහාරස්ථානය වෙත යාල වනෝද්‍යානය ඔස්සේ මාර්ගයක් තැනීමට සූදානම් වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

තමන්ට ඉතා ම විශ්වාස කටයුතු මූලාශ්‍රයකින් අදාළ තොරතුරු ලැබුණු බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ආකාශ චෛත්‍යය, සිතුල්පව්ව ආසන්නයේ පිහිටි පෞරාණික බෞද්ධ විහාරයකි. වළගම්බා, ගැමුණු යන රජවරු ද එළාර රජුගේ දීඝජන්තු නමැති සෙනෙවියා ද මෙම විහාරය වැඳපුදා ගත් බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙයි.

එපමණක් නොව ආණ්ඩුව යාල වනෝද්‍යානයේ අක්කර 12 000ක් කිසියම් අවශ්‍යතාවක් සඳහා පවරා ගැනීමට සූදානම් වන බව ද සජිත් ප්‍රේමදාස හෙළි කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *