ආණ්ඩුව මූඩිය වෙනස් කළ වයින් බෝතලයක් වගේ…!

August 3, 2022 at 4:37 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව මූඩිය වෙනස් වූ වයින් බෝතලයක් බව හර්ෂණ රාජපකරුණා පවසයි.

සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ ඇත්තේ තවමත් 2019 මානසිකත්වය විසින් පත් කර එවන ලද පිරිස බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව හොඳ බවත් විය යුත්තේ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම බවත් ඔහු අවධාරණය කළේය.

සිය පක්ෂය ඒ සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවත් හර්ෂණ රාජකරුණා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *