අද වන විට ආණ්ඩුව බංකොලොත් වී ඇති බවත්, එහෙත් විපක්ෂය බංකොලොත් වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එසේ බංකොලොත් වූවා නම් සමගි ජනබලවේගය රට වෙනුවෙන් හුස්ම වැඩසටහන, මේ රටේ මතු පරම්පරාව වෙනුවෙන් සක්වල වැඩසටහන, බස් රථ පරිත්‍යාග කිරීමේ වැඩසටහන යනාදී සමාජ සත්කාර ක්‍රියාත්මක කළ නොහැකි බවද හෙතෙම පැවසීය.
මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය සහමුලින්ම පරිවර්තනයකට ලක් විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය, විද්‍යාව, ගණිතය, ඉංජිනේරු ක්ෂේත්‍ර යනාදී විෂයන් විධිමත්වත්, ක්‍රමවත් ලෙසත් සකස් විය යුතු බව ද පැවසීය.
විධිමත් ලෙස රටේ බලය ලබාගන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන් මෙහා ජනතාව පාවා දී, අගමැතිකම්වලට හෝ තනතුරු තාන්න මාන්නවලට හෝ කෙල හලන පුරුද්දක් සමගි ජන බලවේගය තුළ නැතැයි ද පැවැසීය. නැති බැරිකම් සහ නොහැකියාවන් කියන්නට ආණ්ඩුව අවශ්‍ය නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩු බලය ගන්නට පෙරාතුවත් කරන ලද කයිවාරු සහ ප්‍රකාශ ක්‍රියාවට නැංවීම ආණ්ඩුවක් කළ යුතු යැයි ද පැවසීය.
මහනුවර නවයාලතැන්න කටුගස්තොට සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ සුහුරු පන්ති කාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.